තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික කණ්ඩායමේ රාජකාරිවලින් විශ්‍රාම ගන්නා බව නිවේදනයකර තිබෙනවා.

“නවක ක්‍රීඩකයින්ට කණ්ඩායම තුළට පැමිණීමට කාලය එළැඹ ඇති බව මම විශ්වාස කරනවා” යැයි සිය විශ්‍රාම යෑම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කරන ලද ලිපියේ ඔහු සඳහන් කර තිබෙනවා

ඒ අනුව සිය විශ්‍රාම ගැනීමේ සම්බන්ධයෙන් වු ලිපිය ඉසුරු උදාන විසින් අද (31) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමුකර ඇති බවයි පැවසෙන්නේ.

Share This