තම කුලයෙන් පිට අයෙක් විවාහ කර ගත් නිසා දෙමව්පියන්ගෙන් මැරුම් කෑ ඉන්දීය දියණිය

තම කුලයෙන් පිට අයෙක් විවාහ කර ගත් නිසා දෙමව්පියන්ගෙන් මැරුම් කෑ ඉන්දීය දියණිය

ඉන්දියාවේ 22 හැවිරිදි අයුෂි චෞද්රි නැමැති තරුණියක් ඇගේ දෙමව්පියන් විසින් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මථුරා නගරය ආසන්නයේ දී ආයුෂිගේ සිරුර රතු පැහැති සූට්කේස් එකක දමා තිබියදී සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දෙමාපියන් වන නිතේෂ් කුමාර් යාදව් සහ බ්‍රජ්බාලා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

නොවැම්බර් 17 වැනිදා දිල්ලි අගනුවර පිහිටි ඔවුන්ගේ නිවසේදී වෙනත් කුලයක පුද්ගලයකු සමග විවාහ වීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් අයුෂිගේ පියා ඇයට වෙඩි තබා ඇති බව එරට පොලිසිය පවසනවා.

ඊට පසු, ඇගේ මව සහ පියා යන දෙදෙනාම එක්ව අසල්වැසි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ යමුනා අධිවේගී මාර්ගය අසල ඇගේ දේහය දමා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

මෙම යුවළ එරට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවද සඳහන් වනවා

පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් ද ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කර තිබෙන්නේ අයුෂි පසුගිය වසරේදී ඇගේ දෙමාපියන්ගේ අකමැත්තෙන් වෙනත් කුලයක පුද්ගලයකු සමඟ විවාහ වී ඇති බවයි

පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයගේ හිස, මුහුණ සහ අනෙකුත් ශරීර කොටස්වල තුවාල සලකුණු අනාවරණය වී ඇති අතර, පපු ප්‍රදේශයට දෙවරක් වෙඩි වැදීමෙන් ඇය මිය ගොස් ඇති බවද එරට පොලිසිය පවසා තිබෙනවා

Share This