ඩෙන්මාර්කයේ ඓතිහාසික කොටස් හුවමාරුව ගිනි ගනී (VIDEO)

ඩෙන්මාර්කයේ ඓතිහාසික කොටස් හුවමාරුව ගිනි ගනී (VIDEO)

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික පැරණි කොටස් හුවමාරු ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙනවා.

17 වැනි සියවසේ ගොඩනගන ලද Børsen ගොඩනැගිල්ල නගරයේ පැරණිතම ගොඩනැඟිලිවලින් එකක් වන අතර එහි ප්‍රතිමූර්තිය ගිනිගැනීම නිසා එරට වැසියන් කම්පනයට පත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගොඩනැගිල්ලේ සිටි සියල්ලන්ටම පිටව යාමට හැකි වූ අතර එහි සිටි මිනිසුන් ගොඩනැගිල්ලේ තිබූ ඓතිහාසික සිතුවම් කිහිපයක් රැක ගැනීමට කටයුතු කර තිබෙනවා.

එරට සංස්කෘතික අමාත්‍ය Jakob Engel-Schmidt පැවසුවේ වසර 400ක ඩෙන්මාර්ක සංස්කෘතික උරුමය ගිනිගෙන ඇති බවයි.

ඩෙන්මාර්ක මාධ්‍ය වාර්තා කරන්නේ අසල ඇති චතුරශ්‍රය ඉවත් කරන බවත් දුමාරය හේතුවෙන් ක්‍රිස්ටියන්ස්බෝර්ග් වෙත ප්‍රධාන දොරටුව වසා දැමූ බවත්ය.

මෙම පැරණි කොටස් හුවමාරුව ප්‍රතිසංස්කරණය කරමින් තිබූ අතර එය පලංචියකින් සහ ආරක්ෂිත ආවරණයකින් වසා තිබුණා.

කෙසේවෙතත් කෝපන්හේගන්හි ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This