ටෝකියෝ ඔලිම්පික් පදක්කම් සටහනේ චීනය ඉදිරියෙන්

ටෝකියෝ ඔලිම්පික් පදක්කම් සටහනේ චීනය ඉදිරියෙන්

ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ ඉදිරියෙන්ම සිටින්නේ චීන කණ්ඩායම වන අතර ඔවුන් මේ වන විට හිමි කරගෙන ඇති රන් පදක්කම් ගණන 18ක්.

එමෙන්ම රිදී පදක්කම් 9ක් සහ ලෝකඩ පදක්කම් 11කටද හිමිකම් කීමට ද චීනයට හැකිව තිබෙනවා.

එත් සමග ඔවුන් සතු කරගෙන ඇති මුළු පදක්කම් ගණන 38ක්.

මේ වන විට පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසුවන සත්කාරක ජපානය රන්,රිදී සහ ලෝකඩ පදක්කම් 26ක් දිනාගෙන තිබෙනවා.

තවද ඔලිම්පික් උළෙල ආරම්භ වී දින 7ක් පමණක් ගතව ඇති මොහොතක අමෙරිකාව රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 16ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා ගැනීමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Share This