ජාතික රුක් රෝපණ නැකත හෙට

ජාතික රුක් රෝපණ නැකත හෙට

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව යෙදෙන අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත හෙට (18) දිනට යෙදී තිබෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 10.16ට දකුණු දිශාව බලා රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පැළ සිටුවන ලෙස ජාතික නැකත් සීට්ටුවේ සඳහන්.

ඒ අනුව නැකතට පැළයක් සිටුවීමේ ජාතික උත්සවය හෙට (18) කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

Share This