ඖෂධ හා රූපලාවන්‍ය කර්මාන්ත සංවර්ධනයට නව උපදේශන කමිටු සාමාජිකයින් පත්කරයි

ඖෂධ හා රූපලාවන්‍ය කර්මාන්ත සංවර්ධනයට නව උපදේශන කමිටු සාමාජිකයින් පත්කරයි

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ආංශික උපදේශන සභා 20 අතරින් ඖෂධ ආංශික උපදේශන සභාවේ හා රූපලාවන්‍ය ආංශික උපදේශන සභාවේ සභාපතිවරුන් හා කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්‍රදානය කර තිබෙනවා.

කර්මාන්ත අමාත්‍යාංශයේ දී එම පත්වීම් ලිපි ප්‍රධානය කර තිබෙන අතර අමාතාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් ඖෂධ ආංශික උපදේශන සභාව සඳහා කමිටු සාමාජිකයන් 24 දෙනෙක් හා රූපලාවන්‍ය ආංශික උපදේශන සභාව සඳහා කමිටු සාමාජිකයන් 24 දෙනෙක් ලෙස කමිටු සමාජිකයන් 48 දෙනෙක් හට මෙම පත්වීම් ලිපි ලබාදී තිබෙනවා.

රාජ්‍ය අංශය, පුද්ගලික අංශය හා ශාස්ත්‍රීය අංශය යන අංශ තුනම නියෝජනය වන පරිදි මෙම කමිටු සමාජිකයින් පත් කර ඇති අතර වසර 2 ක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම් සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම ආංශික උපදේශන සභා මඟින් අදාල කර්මාන්ත අංශය සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම, ක්‍රියාමාර්ග ගැනීම හා ප්‍රතිපත්ති සකස් කිරිම සිදුකරනු ලබනවා.

Share This