ජපානයේ ඖෂධ අතිරේකයක් ලබාගත් පිරිසක් අසාත්මිකතාවන්ට

ජපානයේ ඖෂධ අතිරේකයක් ලබාගත් පිරිසක් අසාත්මිකතාවන්ට

ජපානයේ ඖෂධ අතිරේකයක් ලබාගත් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 100 දෙනෙකුට අධික පිරිසක් අසාත්මිකතාවයකට ලක්ව තිබෙනවා.

ඒ අනුව අදාළ ඖෂධ අතිරේකය වෙළෙඳසැල්වලින් ඉවත් කරගන්නා ලෙස එරට බලධාරීන් විසින් දැනුම්දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එය කොලෙස්ටරෝල් අඩු කිරීම සඳහා භාවිත කරන ඖෂධ අතිරේකයක් වන අතර එය වෛද්‍යවරයෙකුගේ අනුමැතියකින් තොරව මිලදී ගැනීමට හැකියාව පැවති බව සඳහන්.

අදාළ ඖෂධයෙන් අසාත්මිකතාවයක් ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ජපාන සෞඛ්‍ය බලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර ඖෂධ නිෂ්පාදන සමාගම විසින් ජනතාවගෙන් සමාව අයැද තිබෙනවා.

Share This