දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් විධිමත් කිරීමට පියවර

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් විධිමත් කිරීමට පියවර

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින ඉඩම් විධිමත් කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එහිදී දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් හෝ ගොඩනැගිලි භාවිත කරන්නන් සහ දුම්රිය ඉඩමක හෝ ගොඩනැගිල්ලක පදිංචි වීමට අපේක්ෂා කරන සියලු දෙනා මේ වසරේ ජුලී 15 වැනිදාට පෙර දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කර සිටින්නේ මෙසේ විධිමත් බදු ගිවිසුමකින් තොරව දෙපාර්තමේන්තුව සතු ඉඩම් හෝ ගොඩනැගිලි අල්ලාගෙන සිටීම රජයේ ඉඩම් ආඥාපනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

මෙම ඉඩම් විධිමත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බැවින් https://pms.railway.gov.lk වෙබ් අඩවිය ඔස්සේ නියමිත දිනට පෙර ලියාපදිංචි වන ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

තවද අදාළ දිනට පෙර ලියාපදිංචි වීමට අපොහොසත්වන පුද්ගලයින්ට 1979 අංක 07 දරන රජයේ ඉඩම් සන්තකයේ අයකර ගැනීමේ පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

වැඩි විස්තර ලබා ගැනීමට චත්‍රි ද සිල්වා 011-2078547 ඇමතීමෙන් ලබාගත හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරන අතර 0776-031565 හෝ අසංක සමරසිංහ 011-4600151, 0758-836902 ඔස්සේ තොරතුරු ලබා ගැනීමට හැකි බවයි පෙන්වාදෙන්නේ.

Share This