පහත වැටුණු මෙරට ශ්‍රම බලකාය

පහත වැටුණු මෙරට ශ්‍රම බලකාය

2023 වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

නවතම වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2022 වසරේ දී මිලියන 8.54ක් වූ ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය පසුගිය වසරේ දී වසරේ දී මිලියන 8.40ක් දක්වා පහත වැටී ඇති බවයි.

එමෙන්ම 2022 වසරේ දී වාර්තා වූ සියයට 49.8ක ශ්‍රම බළකාය සහ කුටුම්බ ජනගහනය අතර අනුපාතය වන ශ්‍රම බළකා සහභාගීත්ව අනුපාතිකය ද 2023 වසර වන විට සියයට 48.6ක් දක්වා පහත වැටී තිබෙනවා.

මීට අමතරව සේවා වියුක්ත ජනගහනය මෙන්ම ශ්‍රම බළකාය පහත වැටීමෙහි ඒකාබද්ධ බලපෑම හේතුවෙන් සේවා වියුක්ති අනුපාතිකය පෙර වසර හා සංසන්දනය කිරීමේදී 2023 වසරේ දී සියයට 4.7ක අගයෙහි නොවෙනස්ව පැවති බව සඳහන්.

එමෙන්ම සේවා නියුක්ත ජනගහනය ද 2022 වසරේ දී වාර්තා වූ මිලියන 8.14 සිට පසුගිය වසර වන විට මිලියන 8.01ක් දක්වා පහත වැටී තිබෙනවා.

Share This