පාකිස්ථානයේ සිට මෙරටට රැගෙන එමින් තිබූ බවට සැක මත්ද්‍රව්‍ය යාත්‍රාවක් අල්ලයි

පාකිස්ථානයේ සිට මෙරටට රැගෙන එමින් තිබූ බවට සැක මත්ද්‍රව්‍ය යාත්‍රාවක් අල්ලයි

පාකිස්ථානයේ සිට මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 600ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බුද්ධි අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

“අල් රාසා” නැමති යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සමග කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 86ක් පමණ වන අතර එහි වටිනාකම රුපියල් කෝටි 600කට අධික බව සඳහන්.

අත්අඩංගුවට ගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් 14දෙනාම බලුකිස්ථානයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා ගුජරාටයේ පොර්බන්ඩර් වෙත රැගෙන විත් තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාව වෙත ප්‍රවාහනය කරමින් තිබූ බවට ප්‍රථමයෙන් සැක පළ කළ ද පසුව ඒවා ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කරමින් තිබෙන බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

Share This