ජනාධිපතිවරණයට කලින් වාහන බලපත්‍ර ටික දෙන්න  පක්ෂ-විපක්ෂ මන්ත්‍රීවරු

ජනාධිපතිවරණයට කලින් වාහන බලපත්‍ර ටික දෙන්න පක්ෂ-විපක්ෂ මන්ත්‍රීවරු

පෙර නිකුත් කර ඇති තීරු බදු රහිත බලපත්‍ර එළැඹෙන ජනාධිපතිවරණයට පෙර ලබාදිය නොහැකි නම් අඩු මිලට වාහන බලපත්‍ර ලබා දෙන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කථානායකවරයාගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඉදිරි මැතිවරණවලදී දේශපාලන කටයුතු සිදුකිරීමට වාහන නොමැතිවීම හේතුවෙන් ඇතිවී තිබෙන අභියෝගවලට මුහුණදීමේ අවශ්‍යතාවය මෙහිදී දේශපාලන පක්ෂ දෙකෙහිම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු නායකයින් හමුවේ අවධාරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් මෙම බලපත්‍ර නිකුත් කිරීම වසර නවයකට පමණ පෙර නතර වූ අතර අවසන් වරට නිකුත් කිරීම 2015 දී සිදු වී තිබෙන අතර මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඉල්ලීම් කළද රජය මේ පිළිබඳව තීරණයක් ගැනීමෙන් වැළකී තිබෙනවා.

 

Share This