ගෙල සිරකර කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට

ගෙල සිරකර කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට

කාන්තාවන් තිදෙනෙකු ගෙල සිරකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී කාන්තාවකගේ ගෙල සිරකර ඝාතනය කර දේපල කොල්ලකෑම සහ පසුගිය පෙබරවාරි මස පළමුවනදා ඇල්පිටිය ප්‍රදේශයේ දී කාන්තාවන් දෙදෙනෙකුගේ ගෙල සිරකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

අදාළ සිද්ධීන් පිළිබඳව විමර්ශන සිදු කළ ඇල්පිටිය කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඇල්පිටිය අවිත්තාව ප්‍රදේශයේ දී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

34 හැවිරිදි වියේ පසුවන යගිරල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු සතුව තිබී රන් ආභරණ සහ ජංගම දුරකතනයක් ද පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන්.

සැකකරුට එරෙහිව මතුගම, කළුතර සහ ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවතින බවට ද පොලිසිය සිදු කළ විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මාර්තු 18 වනදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

Share This