ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීමට ගිවිසුම් අත්සන් තබයි

ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීමට ගිවිසුම් අත්සන් තබයි

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීමට අද (30) ගිවිසුම් අත්සන් කරනු ලැබුවා .

එම මුළු තොගය ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක් වන අතර ලෝක බැංකුව ඒ සඳහා ඩොලර් මිලියන 70 ක අරමුදල් සපයා ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 20 ලිට්‍රෝ සමාගම විසින් ලබා දී තිබෙනවා.

මාස හතරකට මෙම ගෑස් රටට ප්‍රමාණවත් වනු ඇති.

ගැස් තොගයෙන් 70%ක් ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත ලබා දීමට නියමිතයි.

මෙයින් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර මිලියන 5 ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර මිලියන 1 ක් සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර මිලියන 1 ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබෙනවා.ඉතිරි 30% වාණිජ භාවිතය සඳහා ලබා දෙනු ඇති.

ඩොලර් මිලියන 20 ක වියදමින් ලිට්‍රෝ සමාගම විසින් ලබා ගන්නා ලද LPG ටොන් 33,000 ක මූලික තොගයක් ජූලි මස මුල් කාලයේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

Share This