ගෑස් මිල අද රෑ සිට පහතට

ගෑස් මිල අද රෑ සිට පහතට

ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100ත් 200ත් අතර අගයකින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළා.

මිල සූත්‍රයට අනුව මෙම මිල අඩු කිරීම සිදුවන බවයි සභාපතිවරයා කියා සිටියේ.

ලිට්‍රෝ සමාගම පසුගිය මාස දෙක තුළ ලාභ ලැබූ බවත් රජයේ ආයතනයක් ලෙස එහි වාසිය ජනතාවට ලබා දීම තම වගකීම බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

Share This