ගෑස් මිලට ‘තවත් රුපියල් 400ක්’ එක්වන ලකුණු

ගෑස් මිලට ‘තවත් රුපියල් 400ක්’ එක්වන ලකුණු

ගෑස් සමාගම් පවත්වාගෙන යාමට නම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 400 කින් වත් වැඩි කළ යුතු බවට වන යෝජනාවක් ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ දී ඉදිරිපත් වූ බව වාර්තා වනවා.

ඊයේ (14) මෙම කමිටුව රැස්ව ඇති අතර ඩොලරයේ අගය ඉහළ යාමත් ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල විශාල වශයෙන් ඉහළ යාමත් යන කරුණු මත ගෑස් මිල වැඩි කළ යුතුව ඇතැයි ගෑස් සමාගම් ප්‍රධානින් එහිදී පෙන්වා දී තිබෙනවා.

Share This