ක්‍රිකට් පිත්ත අහිමි වූ දරුවාගේ සිහින ඉටු වූ රාත්‍රිය

ක්‍රිකට් පිත්ත අහිමි වූ දරුවාගේ සිහින ඉටු වූ රාත්‍රිය

ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මව්බිමට පැමිණි දිනයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට අත්සන් ගැනීම සඳහා ඔවුන් ගමන් ගත් බස් රථයට විසි කළ පිත්ත නැතිවීම හේතුවෙන් කඳුළු සලන පුංචි දේශාන් ගැන අපි පසුගිය 16 වැනිදා ඔබට තොරතුරු ගෙන ආවා.

අට වසරේ ඉගනුම ලබන දේශන පාසල් ක්‍රිකට් කණ්ඩායමේද සාමාජිකයෙක්.

තමන් බොහෝ සෙයින් ආදරය කළ ක්‍රිකට් පිත්ත යළි ලබා දෙන ලෙස මේ පුංචි ක්‍රිකට් ලෝලියා බොහොම සංවේදීව ඉල්ලීමක් කළා.

නැතිවූ පිත්ත ඉල්ලා කණස්සලෙන් සිටි දේශාන්ගේ සිහින හිත ඉල්ලන තරු වැඩසටහනේදී ඊයේ යථාර්තයක් බවට පත් වුණා.

ආසියානු ශූරතාවය දිනූ ක්‍රිකට් විරුවන් සහභාගී වූ හිත ඉල්ලන තරු වැඩසටහනින් දේශාන්ට වටිනා අලුත්ම පිත්තක හිමිකරුවෙකු වෙන්නට වාසනාව ලැබුණා.

එසේම ඔහුට අවශ්‍ය කරන ක්‍රීඩා උපකරණ මිලට ගැනීම සඳහා මුදල් ත්‍යාගයක් ද හිමිවුණා.

පුංචි දේශාන් තමන්ට ලැබුණු අලුත් පිත්තට ක්‍රිකට් විරුවන්ගේ අත්සන් එකතු කර ගත්තේ වචනෙන් කිව නොහැකි තරමේ සතුටකින්.

මේ පුංචි හිත පුදුමයට පත් වුණේ දින කිහිපයකට පෙර නැතිවූ ක්‍රිකට් පිත්ත යළි ඔහුටම ලබාදුන් මොහොතේදී .

තම පුතුගේ සිහිනය සැබෑවනු දුටු මව ඉතා සංවේදී වූයේ ඇයටත් නොදැනීමයි .

 

Share This