කතුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

කතුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී කතුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ ආරවුලක් හේතුවෙන් ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.

පෙරේදා (26) රාත්‍රි කාලයේ අදාළ සැකකරු විසින් මෙම පහර දීම සිදු කර ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මිය ගොස් ඇත්තේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 36 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ

Share This