ඌරු වකුගඩු මිනිස් ජීවිත බේරයිද?

ඌරු වකුගඩු මිනිස් ජීවිත බේරයිද?

 

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් ඌරෙකුගේ වකුගඩුවක් මනුෂ්‍යයෙකුට සාර්ථකව බද්ධ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙවැනි සැත්කමක් සිදුකර ඇත්තේ ලොව පළමුවරටයි.

සැත්කමට ලක්වූ තැනැත්තාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය නව වකුගඩුවට සාර්ථකව ප්‍රතිචාර දක්වමින් ඇති බව සඳහන්.

මෙම සැත්කම තවදුරටත් වර්ධනය කරගතහොත් දැනට ලොව පුරා අවයව බද්ධ කිරීමේදී පවතින දැඩි හිඟය තුරන්ව යනු ඇති බවයි විද්‍යාඥයන් බලාපොරොත්තු පළ කරන්නේ.

එමෙන්ම මෙලෙස ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කර ඇත්තේ මොළය මිය ගිය අයෙකුට වන අතර , ජීවිත ආධාරකයෙන් ඉවත් කිරීමට පෙර ඇගේ පවුලේ අය මෙම අත්හදා බැලීමට එකඟ වූ බව පර්යේෂකන් රොයිටර් පුවත් සේවයට සඳහන් කර තිබෙනවා.

දින තුනක් පුරාවට එම වකුගඩුව රුධිර නාල වලට සම්බන්ධ කර ඇයගේ ශරීරයෙන් පිටත නඩත්තු කරමින් පර්යේෂන සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස බද්ධ කළ වකුගඩුවේ ක්‍රියාකාරිත්වය පිලිබඳ සිදු කළ පරීක්ෂණ ප්‍රතිඵල සාමාන්‍ය බව අධ්‍යයනයට නායකත්වය දුන් බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය ආචාර්ය රොබට් මොන්ට්ගොමරි කියා සිටියා.

එක්සත් ජනපදය තුළ, අවයව බද්ධ කිරීම සඳහා දැනට 107,000 කට ආසන්න පොරොත්තු ලේඛන වල සිටින අතර ඉන් 90,000 කට අධික පිරිසක් වකුගඩුවක් බද්ධ කිරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටිනවා.

 

Share This