උගුර කතුරකින් කපා මංකොල්ලකෑමට ලක්වූ කාන්තාවක් ඝාතනයට ලක්වෙයි

උගුර කතුරකින් කපා මංකොල්ලකෑමට ලක්වූ කාන්තාවක් ඝාතනයට ලක්වෙයි

දිල්ලියේ කාන්තාවක මංකොල්ලකෑමට ගිය සිව් දෙනෙක් ඇගේ උගුර කතුරකින් කපා ඝාතනය කර තිබෙනවා.

කරවල් නගර් ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති අතර ඝාතනයට ලක්ව ඇත්තේ තාරා බෝද් නමැත්තියක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

මේ සම්බන්ධයෙන් අමන්, ආකාෂ්, මනීෂ් සහ වයිභව් ජේන් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින්  ඇය පැළඳ සිටි ස්වර්ණාභරණ කොල්ලකෑ අතර ඇයට ගඩොල්වලින් පහර දීමට පෙර කතුරකින් බෙල්ල කපා ඇති බව පොලිසිය සඳහන් කරනවා.

නවදිල්ලියේ ඊසානදිග ප්‍රදේශයක මෙම සිදුවීම සිදුව ඇති අතර මෙම කාන්තාවගේ වයස 52ක් බවයි පැවසෙන්නේ.

 

Share This