ඉරාන ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරයට අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ විරෝධය

ඉරාන ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරයට අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ විරෝධය

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ නිල උත්සවයට සහභාගී වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරයට අමෙරිකාව සහ ඊශ්‍රායලය විරෝධය පළකර ඇති බව වාර්තා වනවා.

එම විරෝධය කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇති බවයි පුවත්පත් වාර්තාවල දැක්වෙන්නේ.

ඉරාන ජනාධිපතිවරයා මෙම මස 24වැනිදා මත්තල ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ඉරාන ආරක්ෂක අංශවල නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිට දිවයිනට පැමිණ ඇති බවද සඳහන්.

ඉරාන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සම්බන්ධයෙන් ඇමෙරිකානු ඔත්තු සේවය සහ ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයද දැඩි අවධානයෙන් පසුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This