බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ – ජාතික ගමනාගමන කොමිෂන් සභාව

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ – ජාතික ගමනාගමන කොමිෂන් සභාව

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ගාස්තු සංශෝධනය වීමක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 333ක් දක්වා රුපියල් 30 කින් අඩු කිරීම අදාළ මිල සූත්‍රයට ගැලපූ විට සමස්ත කිලෝමීටර එකක ධාවන පිරිවැයට බස් ගාස්තු සංශෝධනයකට ප්‍රමාණවත් ප්‍රතිශතයකින් බලපෑමක් සිදු නොකරන බවයි

Share This