අධිකරණ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගෙන් ලැබෙන සහය ප්‍රශංසනීයයි

අධිකරණ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගෙන් ලැබෙන සහය ප්‍රශංසනීයයි

ශ්‍රී ලංකාවේ අධිකරණමය ක්‍රියාවලිය මෙන්ම බන්ධනාගාර පද්ධතියේ දියුණුව සඳහා මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් ලබාදෙන සහයෝගය ප්‍රශංසනීය බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) විසින් අධිකරණ අමාත්‍යාංශය, ප්‍රජාපාදක විශෝධක දෙපාර්තමේන්තුව හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත රාජකාරී කටයුතු ඉටුකිරීමේදී පහසුකම් සපයාගතහැකි පරිඝණක යන්ත්‍ර පනහක් සහ අවශ්‍යකරන අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදීමේ අද(02) පැවති උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකලා.

මෙම උත්සවයට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියද මේ උත්සවයට සහභාගී වූ බව සඳහන්.

බොහෝ රටවල මෙන්ම මෙරට බන්ධනාගාරයන් තුළද වඩා වැඩි තදබදයක් ඇති අතර එම හේතුව නිසා රැඳවියන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමේදී ගැටලුකාරී තත්ත්වයටකට මුහුණපෑමට සිදුවී තිබෙනවා.

නමුත් එම තත්ත්වය මනාව පාලනය කිරීමට අවශ්‍යකරන යම් යම් ක්‍රියාමාර්ගයන් මේ වන විටත් ගනිමින් පවතින බවත් එම ක්‍රියාමාර්ගයන් සඳහා ඉදිරියටත් අවශ්‍ය කරන සහයෝගය මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) වෙතින් බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

Share This