අල්ලස් ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්

අල්ලස් ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්

රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාර සැරයන්වරයා කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටිය ප්‍රදේශයේදී රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පුද්ගලයින් සිව්දෙනෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.

Share This