ඉරානයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලය සූදානම්

ඉරානයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලය සූදානම්

ගිය සති අන්තයේ ඉරානය, ඊශ්‍රායලය වෙත එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරවලින් පසු ඉරානය අනිවාර්යයෙන්ම ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායලය පවසනවා.

මෙවැනි ආක්‍රමණවලින් නිශ්චලව සිටිය නොහැකි බවත් , ඉරානය මෙම ආක්‍රමණයෙන් නිදහස් නොවන බවත් ඊශ්‍රායලයේ රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි දකුණු ඊශ්‍රායලයේ ජුලිස් හමුදා කඳවුරේදී පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම නුදුරේදීම ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල බලධාරීන් පවසනවා.

පසුගිය සෙනසුරාදා(13) ඉරානය ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන යානා සහ මිසයිල 300කට වැඩි ප්‍රමාණයක් දියත් කළ අතර බොහෝමයක් ඊශ්‍රායලය සහ ඊශ්‍රායලයේ මිත්‍ර රටවල් විසින් බිම හෙළීමට කටයුතු කළා.

එමෙන්ම රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් මැදපෙරදිග පවතින ව්‍යසනකාරී තත්ත්වය ප්‍රතිවිපාක ඇති කළ හැකි බව ඉරානයේ ඊබ්‍රහිම් රයිසිට දුරකථන ඇමතුමක් ලබාදෙමින් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This