ඉන්ධන මිල ගැන ජනපතිගෙන් දැනුම් දීමක්

ඉන්ධන මිල ගැන ජනපතිගෙන් දැනුම් දීමක්

ඉන්ධන මිල දැන්ම වැඩි නො කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (11) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ .

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහල යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් දැඩි අලාභයක් ලබන බව බලශක්ති, ඇමති උදය ගම්මන්පිල මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති අතර එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන්නැයි දැනුම් දී තිබෙනවා .

 

Share This