ඉන්දීය හමුදාව එරට ආරක්ෂාව වෙනුවෙන් තවත් ස්වාති රේඩාර් 12 ක් මිලදී ගැනීමේ සූදානමක්

ඉන්දීය හමුදාව එරට ආරක්ෂාව වෙනුවෙන් තවත් ස්වාති රේඩාර් 12 ක් මිලදී ගැනීමේ සූදානමක්

චීන දේශසීමාවේ නිරීක්ෂණ ක්‍රියාවලිය ඉහළ නැංවීමට ඉන්දීය හමුදාව තවත් ස්වාති රේඩාර් 12 ක් මිලදී ගැනීම සඳහා එරට ආරක්ෂක අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රුපියල් කෝටි 1,000 ක පමණ වටිනාකමකින් යුතු ස්වාති (Swathi WLR) රේඩාර් මිල දී ගැනීමේ මෙම යෝජනාව ආරක්ෂක අමාත්‍යාංශ රැස්වීමකදී සළකා බැලීමට සැලසුම් කර තිබෙන බවද සඳහන්

ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRO) විසින් සංවර්ධනය කරන ලද ස්වාසි රේඩාර් භාරත් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන්නක් බවයි පැවසෙන්නේ

මෙම ස්වාසි රේඩාර් උපකරණය ආයුධ ස්ථානගත කිරීම් පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දෙන විශාල සාර්ථකත්වයක් ළඟා කර ගත් ස්වදේශීය ආරක්ෂක උපකරණයක් බවයි එරට වාර්තා සඳහන් කරන්නේ

ස්වාති ආයුධ ස්ථානගත කිරීමේ රේඩාර් මගින් කිලෝමීටර් 50 ක පරාසයක් තුළ මෝටාර්, ෂෙල් වෙඩි සහ රොකට් වැනි සතුරු ආයුධ පවතින ස්ථාන පිළිබඳ වේගවත්, ස්වයංක්‍රීය සහ නිවැරදි තොරතුරු සැපයීම සිදුකරනු ලබනවා

ඉන්දීය හමුදාව ජම්මු සහ කාශ්මීර දේශ සීමාව ඔස්සේ සිදු කරන සිය මෙහෙයුම් සඳහා ද මෙම රේඩාර් භාවිතා කරන බවයි පැවසෙන්නේ

එමෙන්ම මෙම රේඩාර් උපකරණ ආර්මේනියාවට අපනයනය කරන බව ද ඉන්දීය වාර්තාවල සදහන් වනවා

Share This