ඉතාලි වීසා අයදුම් කරන ඔබ මේ ගැන අවධානයෙන් ඉන්න

ඉතාලි වීසා අයදුම් කරන ඔබ මේ ගැන අවධානයෙන් ඉන්න

ඉතාලි තානාපති කාර්යාලයේ බවට හැඟවෙන ව්‍යාජ මුද්‍රා සහිත ස්ටිකර් භාවිතා කරමින් ඉතාලි භාෂාවට පරිවර්තනය කරන ලද ව්‍යාජ ලේඛණ සකස් කර මුදලින් රුපියල් 407,000ක් වංචා කළ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුනායක අධිවේගී පිවිසුම ආසන්නයේදියි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44ක ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .

ස්කකරු මිගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Share This