ඇවිදින මංතීරු 25 ක වැඩ අවසන් කරයි (VIDEO)

ඇවිදින මංතීරු 25 ක වැඩ අවසන් කරයි (VIDEO)

දිවයින පුරා වැඩ ආරම්භ කළ ඇවිදින මංතීරු 25ක කටයුතු ඉකුත් වසර තුළ අවසන් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසනවා.

ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 1263ක්.

2021 වසරේදී දිවයින පුරා ඇවිදින මංතීරු 30ක් ඉදිකිරීම සඳහා ස්ථාන හඳුනාගනු ලැබුවා.

ඉන් 25ක වැඩ ආරම්භ කෙරුණු අතර පසුගිය දෙසැම්බර් 25 වැනිදා වන විට එම මංතීරු සියල්ලේ කටයුතු අවසන් කිරීමට හැකි වූ බවයි නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ.

කැස්බෑව, බලංගොඩ, අම්පාර, ත්‍රිකුණාමලය, කඹුරුගමුව, පේදුරුතුඩුව, යාපනය, මඩකලපුව, නුවරඑළිය ඇතුළු ප්‍රදේශ 25ක මෙම මංතීරු ඉදිකරනු ලැබුවා.

යක්කල වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය අසල ඉදිකර ඇති මංතීරුව නම්කර ඇත්තේ විකුම් උයන ලෙසයි.
ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 65ක්.

මේ අතර, රාගම පේරලන්ද ප්‍රදේශයේ ඇවිදින මංතීරුවේ 3 වැනි අදියරේ කටයුතු මේ වසර තුළ කඩිනමින් අවසන් කරන ලෙස නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා අදාළ බලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එම අදියර යටතේ ළමා උද්‍යානයක්, ආපනශාලාවක් සහ එළිමහන් කායවර්ධන මධ්‍යස්ථානයක් ද ඉදි කිරීමට නියමිතයි.

Share This