ඇමතිට කළ හැකි කිසිවක් නෑ ලු – සතියට සීනි කිලෝවක් රුපියල් 50කින් වැඩි වූ හැටි මෙන්න(VIDEO)

ඇමතිට කළ හැකි කිසිවක් නෑ ලු – සතියට සීනි කිලෝවක් රුපියල් 50කින් වැඩි වූ හැටි මෙන්න(VIDEO)

සීනි මිල ඉහළ ගොස් ඇති බව වෙළෙදපොළ ආරංචිමාර්ග සඳහන් කරනවා.

කිලෝවක මිල රුපියල් 210ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අද (26) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් ද අනාවරණය කෙරුණේ.

පසුගිය සතියේ රුපියල් 160ක මිලකට සීනි කිලෝව මිලදී ගත හැකිව තිබුණ ද මේ වනවිට වෙළෙන්දන් විසින් රුපියල් 210 දක්ව මිල ඉහළ දමා තිබීමෙන් පාරිභෝගිකයෝ මහත් අසීරුවට පත්ව සිටින බව එහි දී පුවත්පත් වාර්තා උපුටා දක්වමින් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කර ඇත්තේ මෙය විශාල අපරාධයක් වුවත් තමන්ට කළ හැකි කිසිවක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් අද (26) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් විමසුමට ලක් කළ අයුරු පහතින් නැරඹිය හැකියි.

Share This