ඇත්දළ සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ඇත්දළ සමග සැකකරුවෙකු අත්අඩංගුවට

වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ ඇත් දළ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සැකකරු අදාළ ඇත්දළ කුඩා කැබලි වලට සකස් කර සන්තකයේ තබාගෙන සිට ඇති බවයි

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සහ යුද හමුදා නිලධාරීන් පිරිසක් එක්ව එම ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

එමෙන්ම සැකකරු සන්තකයේ තිබී ඉපැරැණි පිහියක් ද සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ

මේ අතර අදාළ වැටලීමේ දී විවිධ වැරදි සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දස දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Share This