හිටපු මුදල් ඇමතිවරයෙකුගේ නිවසට හොරු පනියි

හිටපු මුදල් ඇමතිවරයෙකුගේ නිවසට හොරු පනියි

අභාවප්‍රාප්ත හිටපු මුදල් හා ක්‍රමසම්පාදන ඇමති රොනී ද මැල් මහතාට අයත් දෙවිනුවර නිවසට ඇතුළු වූ සොරු කණ්ඩායමක් එහි තිබුණු මුදල් හා දේපළ රැසක් සොරාගෙන තිබෙනවා.

අභාවප්‍රාප්ත මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදුකර මේ වන විට ගතව ඇත්තේ සතියක් පමණ කාලයක්.

මෙම සොරකම පිළිබදව දෙවිනුවර නිවසේ මුරකරුද පොලිසියට පැමිණිලි කර ඇති අතර රොනී ද මැල් මහතාගේ පුද්ගලික ලේකම්වරයාද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

Share This