ආසියානු සංවර්ධන බැංකුවේ 57වන වාර්ෂික සමුළුව අද ජෝර්ජියාවේදී

ආසියානු සංවර්ධන බැංකුවේ 57වන වාර්ෂික සමුළුව අද ජෝර්ජියාවේදී

ආසියානු සංවර්ධන බැංකුවේ 57 වන වාර්ෂික සමුළුව ජෝර්ජියාවේ ටිබිලිසි අගනුවර දී අද (02) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අද සිට ලබන 5 වන දින දක්වා මෙම සමුළුව පැවැත්වීමට නියමිතයි.

සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහභාගී වීම සඳහා ඊයේ(01) ජෝර්ජියාව බලා පිටත් වුණා.

මෙම සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අර්ථවත් දායකත්වයක් ලබාදීමට අපේක්ෂා කරන බවයි Xහි සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරන්නේ.

සමුළුවට සමගාමීව සෙසු සාමාජික රටවල් සමග හවුල්කාරිත්වය සහ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Share This