කෙන්යාවේ ගංවතුර සහ නායයාම්වලින් මිය ගිය ගණන 181 දක්වා ඉහළට

කෙන්යාවේ ගංවතුර සහ නායයාම්වලින් මිය ගිය ගණන 181 දක්වා ඉහළට

කෙන්යාවේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අධික වැසි සහ ගංවතුර හේතුවෙන් නිවාස, මාර්ග, පාලම් සහ අනෙකුත් යටිතල පහසුකම් විනාශ වී ඇති බවයි.

කෙසේ වෙතත් රතු කුරුස සංවිධානයේ සේවකයින් නාරොක් හි කඳවුරුවල සිරවී සිටින සංචාරකයින් බේරා ගැනීමට ද උත්සාහ කරමින් සිටි බව සඳහන්.

කෙන්යාවේ ජාතික මහාමාර්ග අධිකාරිය පැවසුවේ ගංවතුර සහ සුන්බුන් හේතුවෙන් නගරයට යන අධිවේගී මාර්ගයක කොටසක් සහ රට පුරා තවත් මාර්ග කිහිපයක් වසා දමා ඇති බවයි

Share This