විදේශ නියෝජිත පනත් කෙටුම්පතට ජෝර්ජියාව ගැටුම්වලින් දෙදරා යයි

විදේශ නියෝජිත පනත් කෙටුම්පතට ජෝර්ජියාව ගැටුම්වලින් දෙදරා යයි

මාධ්‍ය නිදහස ඉලක්ක කර ගනිමින් විපක්ෂය විසින් ගෙන එන ලද පනත් කෙටුම්පතකට විරෝධය පළ කරමින් විරෝධතාවයේ නිරත වූ ජනතාව වෙත ජෝර්ජියාවේ කැරලි මර්දන පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ එම පනත් කෙටුම්පත රුසියානු ආභාසය ලත් නීතියක් ලෙසයි.

එයට විරෝධය දැක්වීම සඳහා ජෝර්ජියානු සහ යුරෝපීය සංගමයේ ධජ ඔසවාගෙන දහස් ගණනක් පුරවැසියන් එරට පාර්ලිමේන්තුවෙන් පිටත රැස්වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙහිදී යුරෝපා සංගමය අනතුරු අඟවන්නේ එය ටිබිලිසිගේ කඳවුරට සම්බන්ධ වීමේ අභිලාෂයන්ට හානි කළ හැකි බවයි.

එරට පාර්ලිමේන්තුවේදී පනත් කෙටුම්පත දෙවන වර කියවීමෙන් ඡන්ද 83ට 23ක් ලෙස සම්මත වී තිබෙන අතර එය නීතියක් බවට පත් වුවහොත්, සංවිධානවලට විදේශයන්ගෙන් අරමුදල් ලැබුණද යන්න ප්‍රකාශ කිරීමට අවශ්‍ය වනු ඇති බවයි වාර්තා වන්නේ.

ජෝර්ජියාවේ පාලක පක්ෂයට එය මාසය අවසන් වන විට බලාත්මක කිරීමට අවශ්‍ය නමුත් විචාරකයින් පවසන්නේ එය අධිකාරීවාදී බවයි.

මේ ප්‍රශ්නය මුල් කර ගනිමින් සති ගණනාවක් පුරා පැවති විරෝධතා හේතුවෙන් රටම කැළඹී ඇති අතර පාර්ලිමේන්තුවෙන් පිටත රුස්ටාවේලි මාවතේ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර දැඩි ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This