අද සිට අනිද්දා දක්වා දුම්රිය ප්‍රමාදයක්

අද සිට අනිද්දා දක්වා දුම්රිය ප්‍රමාදයක්

අද (29) සිට අනිද්දා (31) දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මංතීරුවකට සීමා කිරීම නිසා බවයි සඳහන් වන්නේ.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති නල මාර්ගයක සිදු කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව තිබෙනවා.

Share This