අද ජය කන්ගරුවන්ට

අද ජය කන්ගරුවන්ට

අද(24) පැවති 05වන සහ අවසන් එක්දින තරගයේ ජය ඕස්ට්‍රේලියාවට හිමිවුණා.

ඒ කඩුලු 04කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියළුදෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 160ක් පමණයි.

ඒ පන්දුවාර 06යි පන්දු 05ක් ඉතිරිව තිබියදීයි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 39යි පන්දු 3කදී ලකුණු 164ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළා.

ඒ වනවිට ඕස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු 06ක් බිඳවැටී තිබුණා.

කෙසේ වෙතත් පසුගියදා පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීමත් සමඟ තරගාවලියේ ජය හිමිවුයේ ද ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

Share This