අතුරුදන් වූ දරුවෙක් නිසා බටහිර ඉවුරේ ප්‍රචණ්ඩත්වයක් (VIDEO)

අතුරුදන් වූ දරුවෙක් නිසා බටහිර ඉවුරේ ප්‍රචණ්ඩත්වයක් (VIDEO)

බටහිර ඉවුරේ අතුරුදහන් වූ  පිරිමි ළමයෙකු සෙවීමේ ඊශ්‍රායල මෙහෙයුමක් අතරතුර ප්‍රචණ්ඩත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ප්‍රදේශයේ සිටි යුදෙව් පදිංචිකරුවන් සමග ඇතිවූ ගැටුම්වලින් පලස්තීන ජාතිකයෙකු මිය ගොස් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.

අතුරුදන් වූ 14 හැවිරිදි බෙන්ජමින් අහිමෙයිර් සොයා ගෙන නොමැති අතර ඒ වෙනුවෙන් විශාල සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

එහිදී ඊශ්‍රායල හමුදා විසින් බටහිර ඉවුරේ පලස්තීනුවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය දෙදෙනාගෙන් එක් අයෙක් ප්‍රාදේශීය අණදෙන නිලධාරියෙකු බව හමාස් සංවිධානය විසින් තහවුරු කරන තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ මොහොමඩ් දරග්මේහ් තම හමුදා සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගිය බවයි.

Share This