අඟහරු වෙත යැවූ Curiosity රෝවරයෙන්  හිරු බැස යාමේ ඡායාරුපයක්

අඟහරු වෙත යැවූ Curiosity රෝවරයෙන් හිරු බැස යාමේ ඡායාරුපයක්

Curiosity රෝවරය අඟහරු ග්‍රහයා මත දිලිසෙන හිරු බැස යෑමක දර්ශනයක් ග්‍රහණය කර ගැනීමට සමත් වී තිබෙනවා.

වසර 10කට වැඩි කාලයක් අඟහරු ග්‍රහයා මත සැරිසරන Curiosity රෝවරය උණුසුම් හා තෙත් තත්ත්වයෙන් තිබූ රතු ග්‍රහයා කාන්තාරයක් බවට පරිවර්තනය වීමට හේතුව ගවේෂණය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වන විට Curiosity රෝවරය මගින් රතු ග්‍රහයාගේ කුතුහලය දනවන පාෂාණ සැකැස්මක් සොයාගෙන ඇති අතර ජීවයේ සලකුණු සොයමින් ගේල් ආවාට මධ්‍යයේ ඇති Sharp කන්ද පරිමාණය කර තිබෙනවා.

පෙබරවාරි 2 වෙනිදා, Curiosity රෝවරය අඟහරු මත හිරු බැස යන විට ක්ෂිතිජය පුරා විහිදෙන හිරු කිරණ සහ වලාකුළු මත විසිර යන ආකාරය නිරීක්ෂණයකර තිබෙනවා. Crepuscular කිරණ ලෙස හඳුන්වන මෙම කිරණ රතු ග්‍රහලෝකයේ මෙතරම් පැහැදිලිව දක්නට ලැබුණු පළමු අවස්ථාව මෙය වන බවයි නාසා ආයතනය පෙන්වා දෙන්නේ.

රෝවරය අඟහරු ග්‍රහයා මත රාත්‍රී කාලයේ දිදුලන වලාකුළු පිළිබඳ සිය පෙර නිරීක්ෂණ පසු විපරම් කිරීම සඳහා සන්ධ්‍යා වලාකුළු පිළිබඳ සමීක්ෂණයක් පවත්වා තිබෙනවා.

2021 දී, Curiosity රෝවරය එහි කළු සහ සුදු Navigation Camera භාවිතා කළේ එම වලාකුළු අඟහරු මත ගමන් කරන විට ඒවායේ ව්‍යුහය නැරඹීමට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වලාකුළු මගින් කාලගුණ රටා සහ තත්ත්වයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන අතර අඟහරු ග්‍රහයා මත වලාකුළු සෑදෙන ආකාරය පිළිබඳ තොරතුරු විද්‍යාඥයින්ට ලබාගත හැකි නම් ග්‍රහලෝකයේ වායුගෝලීය සංයුතිය සහ උෂ්ණත්වයන් මෙන්ම සුළඟ ගැන වැඩිදුර දැන ගැනීමට හැකි වනවා.

වලාකුළු අංශු වර්ධනය වන ආකාරය නැරඹීමට රෝවරයේ වර්ණ කැමරාව භාවිතා කරනවා.

ජනවාරි මාසයේදී ආරම්භ කර ඇති නව සමීක්ෂණය මෙම මස අගදී අවසන් කිරීමට නියමිතව බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

Share This