හෙට කොළඹට  පැය 24ක  ජල කප්පාදුවක්

හෙට කොළඹට පැය 24ක ජල කප්පාදුවක්

හෙට(04) පස්වරු 02 සිට ඉරිදා පස්වරු 02 දක්වා පැය 24ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 01, 02, 03,04 සහ කොළඹ 07, 08, 09, 10, 11 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

එමෙන්ම කඩුවෙල නගරය සහ අවටත් කොළොන්නාව නගර සභා ප්‍රදේශය මෙන්ම වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශවලටද පැය 24ක් ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන ජල නල පද්ධතියේ නඩත්තු කටයුත්තක් නිසා මෙලෙස ජලය අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This