සජිත්ට සහ බිරිඳට සුවයි

සජිත්ට සහ බිරිඳට සුවයි

විපක්ෂනායකවරයා සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය සුවය ලබා අද (11) උදෑසන රෝහලෙන් පිටව ගොස් ඇති බව විපක්ෂනායක කාර්යාලය පවසනවා.

විපක්ෂ නායකවරයාට සහ බිරිඳට පසුගිය මස 23 වනදා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනිම හේතුවෙන් ඔවුන් රෝහල්ගත වුණා.

අනතුරුව අද පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් ඇති සජිත් ප්‍රේමදාස මහතා සහ එම මහත්මිය ආගමික වතාවත්වල නිරත වී මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගෙන තිබෙනවා.

Share This