පුද්ගලික බස් රථ 95%ක් ධාවනයෙන් ඉවත් වේ – මෙන්න ඇමති දුන්න උත්තරේ

පුද්ගලික බස් රථ 95%ක් ධාවනයෙන් ඉවත් වේ – මෙන්න ඇමති දුන්න උත්තරේ

පෞද්ගලික බස් සංගම් කිහිපයක් ඊයේ (04)මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

බස් රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණවත් නොවීම සහ සංගම් සමග සාකච්ඡාවකින් තොරව ගාස්තු සංශෝධනයක් සිදුකිරිම නිසා මෙම වර්ජනයට එලඹි බවයි බස් සංගම් සඳහන් කළේ.

පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේ පුද්ගලික බස් රථ 95%ක් පමණ ධාවනයෙන් ඉවත්ව ඇති බවයි.

මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනට එක්වෙමින් කියා සිටියේ ගාස්තු සංශෝධනය දේශපාලන කාර්යයක් නොවන අතර එය නීතියට අනුව සිදු කෙරෙන්නක් බවයි.

Share This