අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට සාමාජිකයින් පත් කරන්න අයදුම්පත් කැඳවයි

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට සාමාජිකයින් පත් කරන්න අයදුම්පත් කැඳවයි

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) සාමාජිකයින්ගේ පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ඇති පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැඳවන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව www.parliament.lk යන පාර්ලිමේන්තුව් වෙබ් අඩවියේ තොරතුරු පත්‍රිකාවට අදාළව සිය අයදුම්පත්‍ර යොමු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ට දැනුම්දෙන්නේ.

නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර ලබන 27 වනදාට පෙර ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ලියාපදිංචි තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් [email protected] වෙත එවිය යුතු වනවා

Share This