යල කන්නයේ පොහොර සහනාධාර සිට හෙට ගොවි ගිණුම්වලට

යල කන්නයේ පොහොර සහනාධාර සිට හෙට ගොවි ගිණුම්වලට

යල කන්නයේ පොහොර සහනාධාරය බණ්ඩි (MOP) පොහොර ඉලක්ක කරමින් මුල්‍ය ප්‍රතිපාදන ගොවිගේ ගිණුම්වලට හෙට (07) සිට යොමු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා

එම දෙපාර්තමේන්තුව පැවසුවේ වී වගාවට බන්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) යෙදීම පසුගිය කන්න කිහිපය තුළ ප්‍රමාණාත්මකව අවම වී ඇති බවයි.

විශේෂයෙන් වී කරල් ශක්තිමත්වීම සඳහා මෙන්ම වී ඇට පරිපූර්ණවීම සඳහා MOP පොහොර භාවිතා කිරීම අනිවාර්ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා

කෙසේ වෙතත් පසුගිය මහ කන්නයේ දී MOP පොහොර භාවිතය අඩුවී ඇති අතර හෙක්ටයාර් ලක්ෂ අටක් පසුගිය මහ කන්නයේ දී වගා කළ අතර MOP පොහොර අලෙවි ව ඇත්තේ මෙට්‍රික් ටොන් 11,000ක් බවයි වාර්තා වන්නේ

ඒ අනුවයි MOP පොහොර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙවර යල කන්නයේ දී ගොවි ගිණුම්වලට පොහොර සහනාධාර මුදල් ගොවි ගිණුම්ව්ලට බැර කිරීමටයි තීරණය කර ඇත්තේ

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් හෙට (07) සිට අදාළ මුදල් ගිණුම්වලට බැර කිරීම ආරම්භ කිරීමට නියමිත අතර විශේෂයෙන් දැනට කුඹුරු වගා කර අවසන් කර ඇති ගොවීන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිතයි.

Share This