රෆාහි ප්‍රදේශවලින් පිටවන ලෙස ඊශ්‍රායලයෙන් ගාසා වැසියන්ට නියෝග

රෆාහි ප්‍රදේශවලින් පිටවන ලෙස ඊශ්‍රායලයෙන් ගාසා වැසියන්ට නියෝග

දකුණු ගාසා නගරයේ “සීමිත” මෙහෙයුමකට පෙර නැගෙනහිර රෆාහි ප්‍රදේශවලින් පිටවන ලෙස පලස්තීනුවන්ට නියෝග කිරීම ආරම්භ කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසනවා

එමෙන්ම මාස හතක යුද්ධයෙන් පසු ඊශ්‍රායලය පවසන්නේ හමාස් පරාජය කිරීමට රෆා ගත යුතු බවටයි.

කෙසේ වෙතත් මිලියනයකට අධික පලස්තීනුවන් නවාතැන් ගෙන සිටින නගරයට ප්‍රහාරයක් එල්ල කිරීම ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙන දිය හැකි බවට එක්සත් ජාතීන් සහ එක්සත් ජනපදය අනතුරු අඟවා තිබෙනවා

හමාස් සටන්කාමීන් විසින් එම ප්‍රදේශයෙන් දියත් කරන ලද රොකට් ප්‍රහාරවලින් පසුව ගාසා තීරයට මානුෂීය ආධාර සඳහා ප්‍රධාන පිවිසුම් ස්ථානය වන Kerem Shalom දේශසීමා හරස් මාර්ගයේදී ඊශ්‍රායල සොල්දාදුවන් හතර දෙනෙකු මරා දැමීමෙන් පසුව, රෆාහි ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 19 දෙනෙකු එක රැයකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

Share This