ජාතික රණවිරු සැමරුම් කොඩිය ජනපතිට පළඳවයි

ජාතික රණවිරු සැමරුම් කොඩිය ජනපතිට පළඳවයි

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම අද (06) ජනාධිපති කාර්යාලයේ දී සිදු කර තිබෙනවා

එය ජනාධිපතිවරයා වෙත පළඳවා ඇත්තේ රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ මහතා විසිනුයි

දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයේදී රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් සෑම වසරකම මැයි මාසයිරණවිරු සැමරුම් මාසය’ නමින් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්

සෑම වසරකම මැයි මස මුල් සතියේ සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපතිතුමා වෙත ජාතික රණවිරු කොඩිය පැළඳවීමත් සමඟ රණවිරු මාසය ආරම්භ වනවා

රණවිරු කොඩියේ ආකෘති ඵලකය ද මෙහිදී රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබෙනවා

Share This