පැය 15 ක විදුලි කප්පාදුවක් නෑ

පැය 15 ක විදුලි කප්පාදුවක් නෑ

ඉදිරියේදී පැය 15 ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි එක්තරා දේශපාලන අධිකාරියක් පසුගියදා කළ ප්‍රකාශය පදනම් විරහිත බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

අද (22) කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

“දේශපාලන අධිකාරිය විසින් පදනම් විරහිතව එක එක ප්‍රකාශ නිකුත් කරනවා. එක දේශපාලන අධිකාරියක් මීට දින කිහිපයකට කලින් කිව්වා අපිට පැය 15ක විතර විදුලි කප්පාදුවකට යන්න වෙයි කියලා. මීට මාස දෙකකට කලින් ඇමතිවරයෙක් කිව්වා ලබන 05 දා සිට විදුලිය කප්පාදු කරන්නේ නෑ. දේශපාලන අධිකාරිය දැන් දැන් එක එක කථා කියනවා කොහොම වුණත් මේ දේශපාලන අධිකාරිය කරන කථා දැන් මහජනතාව ගණන් ගන්නේ නෑ.

අපි තමයි ඉන්නේ රජයට විදුලිය ගැන උපදෙස් දෙන්න. අපි වගේ ආයතනවලින් අහන්නේ බලන්නෙ නැතිව හිතාමතා කථා කියනවා. අපි රජයට සැලැස්මක් දීලා තියෙනවා කොහොමද ලබන දෙසැම්බර් මාසය දක්වා කොහොමද විදුලි කප්පාදුව අඩුවෙන් කරන්නේ කියලා.

මේ ගැන දේශපාලන අධිකාරිය ඉදිරියේදී අවධානය යොමුකරලා සත්‍ය හා සොධරණ ප්‍රකාශ කරයි කියලා හිතනවා. පැය 15ක් විදුලිය කපනවා කියන එකත් පදනම් විරහිතයි. විදුලිය නොකපා ඉන්නවා කියන එකත් පදනම් විරහිතයි. මේ පිළිබඳව මහජනතාව විශේෂ තැකීමක් කළ යුතු නෑ. “

Share This