රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලැබෙමින් තිබෙනවා – ඇමති ශෙහාන් සේමසිංහ

රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලැබෙමින් තිබෙනවා – ඇමති ශෙහාන් සේමසිංහ

විනිමය අනුපාතය වෙළඳපොල ඉල්ලුම හා සැපයුම මත තීරණයවන බව අවබෝධ කරගැනීම වැදගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බවත් විනිමය අනුපාතය තීරණය කරනු ලබන්නේ වෙළඳපොල ඉල්ලුම හා සැපයුම මත බව අවබෝධ කරගැනීම වැදගත් බව මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුපියල ශක්තිමත් වීම මත ණය ආපසු ගෙවීමේ බර පහත යාමද මෙහිදී වැදගත් වන බවයි.

මිලදී ගැනීමේ ශක්තිය ඉහළ යාම, උද්ධමන පීඩනය අඩු වීම සහ මූල්‍ය ස්ථායිතාව ආරක්ෂා කර ගැනීමටද හැකි බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදී තිබෙනවා.

2022 වසරේදී නිල වශයෙන් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 360 දක්වා ඉහළ ගිය අතර එය රුපියල් 450 – 500 දක්වා ඉහළ යනු ඇතැයි මත පළ කෙරුණද එම අනුපාතය 300 මට්ටමේ පවත්වාගෙන යාමට හැකිව තිබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණයන් හි ප්‍රගතිය හඳුනාගනිමින් රජය ගත් ආර්ථික ස්ථාවර කිරීමේ පියවරයන් මේ වන විට සාර්ථක වී ඇති බවද ඒ තුළින් රට නව සංවර්ධන මාවතකට අවතීර්ණ වෙමින් පවතින බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

 

Share This