නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ මනාල යුවළක් ඇතුළු 28කට සිදුවූ දේ

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ මනාල යුවළක් ඇතුළු 28කට සිදුවූ දේ

මදුරන්කුලිය ප්‍රදේශයේ ඇඳිරි නීතිය නොතකමින් මංගල උත්සවයක් පැවැත්වූ ස්ථානයක මනාල යුවළ ඇතුළු පුද්ගලයින් 28 දෙනෙක් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කල බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා

ඇඳිරි නීති පනවා ඇති කාලය තුළ මදුරන්කුලිය – කනමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ මංගල උත්සවයක් පවත්වන බවට ලැබුණු තොරතුරක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානයට ගොස් තිබෙන අතර එහි සිටි තවත් පිරිසක් පලා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ

මෙම ස්ථානයේ රැදී සිටි පුද්ගලයින් 28 දෙනා පවුල් 09 කට අයත්

මොවුන් එම නිවස තුළම නීරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This