නිදහස් සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය සහ සමරු කාසිය ජනපතිට පිළිගන්වයි(VIDEO)

නිදහස් සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය සහ සමරු කාසිය ජනපතිට පිළිගන්වයි(VIDEO)

75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදුවුණා

සමරු මුද්දරය ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ද, සමරු කාසිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වනු ලැබුවා

සම්ප්‍රදායිව තැපැල් දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට අනුකූලව රුපියල් 50ක වටිනාකමකින් යුතුව නිකුත් කර ඇති මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය අද සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාලවලින් අළෙවි කෙරෙනු ඇති

එමෙන්ම රුපියල් දහසක වටිනාකමකින් යුතු 75 වන නිදහස් දින සමරු කාසිය සංසරණය සඳහා නොවන බවත් ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරන ලද 71 වන සමරු කාසිය මෙය බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් දැනුම් දෙනවා

ජනාධිපති මාධ්‍ය ඒකකය මේ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි .

Share This