ජෝ රූට් නායකත්වයේ කටු ඔටුන්න ගලවා දමයි

ජෝ රූට් නායකත්වයේ කටු ඔටුන්න ගලවා දමයි

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරූ රෝ රූට් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ නායකයා වන ජෝ රූට් කොදෙව්වන් සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලිය පරාජය වීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

වසර 05ක කාලයක් තුළ ඔහු එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 64කට නායකත්වය දී ඇති අතර ඉන් ජයග්‍රහණය කර ඇති තරග සංඛ්‍යාව 27ක්.

31 හැවිරිදි වියේ පසුවන ජෝ රූට් ජාත්‍යන්තර ටෙස්ට් තරග 117කට සහභාගී වී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 9889ක්.

Share This